ඔබේ අදහස් හා විවේචන...

මෙම කොටසින් ඔබට ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කළ හැකි ය. ඔබ මෙහිදී ඉදිරිපත් කරනු ලබන අදහස හෝ විවේචනය මෙම ග්‍රේෂන් මාස්ටර් නැමැත්තා ගැන පමණක් ඉදිරිපත් කරන ලෙස කාරුණික ඉල්ලා සිටින අතර පදනම් විරහිත තර්ක හා චෝදනා ප්‍රසිද්ධ නොකරන බව දැනුම් දෙන්නෙමු. ඔබගේ අදහස් ප්‍රසිද්ධ කිරීමට අපහට යම් කාලයක් අවශ්‍ය වන බැවින් ඒ පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

සැ.යු. මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ඔවුන්ට ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.

සැ.යු.
ඔබ ඉදිරිපත් කරනු ලබන අදහස් හැකි තරම් ප්‍රබුද්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන්න.

23 comments:

  1. අනේ මන්දා මෙයා ගැන අර සහන් රන්වලගේ ත්‍රී වැඩසටනහකදිත් කිව්වා හොඳ අංගම් ශිල්පියෙක් කියලා.

    ReplyDelete
  2. නියම අංගම් සටන් කලාවෙ අර වගේ නමස්කාරයක් තියෙන්න විදිහක් නෑ. මොනවා උණත් සුද්දන්ට මේ වගේ දේවල් විකුණන එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ. පිටරැටියෝ අපේ පාරම්පරික අංගම් ශිල්පීන්ගේ දණහිසෙන් පහළට වෙඩි තියලා තියෙනවා කියලා මම අහලා තියෙනවා.ඒ වගේ උන්ට මේ ශිල්පය ඉගැන්වීම කොහෙත්ම අනුමත කරන්න බෑ.

    ReplyDelete
  3. එතකොට කරා‍‍‍‍‍ටි වගේ සටන් කලාව ලත් මේ වගේ නමස්කාර තියෙනවා. ඒවත් චීනඩි ද

    ReplyDelete
  4. ආයුබෝවන්, වූෂූ හා කුංග් ෆූ යනු චීන සටන් ක්‍රමයන් වන අතර චීනඩි යනු චීන සම්බවයක් සහිත සටන් ක්‍රමයකි. පැහැදිලි ලෙසම කිව‍හොත් චීනඩි යනු ලංකාවේ පමණක් දක්නට ලැබෙන චීන හා ඉන්දියානු සටන් ක්‍රම වල මිශ්‍රණයකින් සැකසුණ සටන් ක්‍රමයකි. මෙතනින් චීනඩි අර්ථකතනය බලන්න. එමනිසා චීනඩි, කුන්ග් ෆූ හා වූෂූ යන සටන් කලාවන් තුනේම නමස්කාරය එක සමාන වේ.

    ReplyDelete
  5. එතකොට ටායී ක්වන්ඬෝ සටන් කලාවත් මේ නමස්කාරය තීයෙනවා... ඒවත් "චීනාඬී" ද? නැහැ නේ............. මේ නමස්කාරය හැම සටන් කලාවකම වගේ තියෙනවා...... ඒ මොකද කියනව නම් මුලු ලෝකෙටම පැතිරිලා ගියේ ලංකාවයි ඉන්දියාවයි අතර තිබ්බ සටන් කලාවල් නිසා...

    ReplyDelete
  6. යාළුවා ඔය තර්කය චීනඩි හා කලරි මිශ්‍ර සටන් ක්‍රම අංගම්පොර ලෙස උගන්වා තම බඩ වඩා ගන්න උත්සාහ කරන අයට හොඳ පණ්ඩිත වාක්‍යක්. හැබැයි චීන ජපන් සටන් ක්‍රම හා ලංකාවේ සටන් ක්‍රමයේ කිසිඳු සම්බන්ධයක් නැහැ. අපි බෞද්ධයන්. ඔවුනුත් බෞද්ධයන්. නමුත් අපේ ‍සංස්කෘතිකාංග එකිනෙකට හාත්පසින් වෙනස්. අපි කරන්නේ අත්දෙක එකතුකරළ වඳින එක මිසක් කුංෆූ නමස්කාරය නෙමෙයි. අනෙක් කරුණ ඔබට බැහැ අපිට අංගම්පොර වල ඇති නමස්කාරයන් උගන්වන්න. කාල නිර්ණ ශාස්ත්‍රයට අනුව වසර දස දහස් ගණනක් පැරණි අංගම්පොරවල ඇති නමස්කාරය වසර දෙසිය ගණනක් පැරණි කරාතේ වල තිබිය හැකි වුවත් කරාටි වල ඇති නමස්කාරයක් අංගම්පොර වල තිබිය නොහැකියි. බෝධිධර්ම හාමුදුරුවෝ කියා චරිතයක් අල්ලාගෙන චීනඩි අංගම්පොර කරන්න උත්සාහ කරන්න එපා. චීනඩිවල තිබෙන්නේ ගොඩක් සටන් ක්‍රම වල මිශ්‍රණයක්. ඒ නිසා අංගම්පොරවල යම් යම් ලක්ෂණත් අන්තර්ගත විය හැකියි. නමුත් එසේ වූ පමණින් ඒක අංගම්පොර වෙන්නේ නැහැ. 1980 දශකයේ සුප්‍රසිද්ධ චීනඩි ගුරුවරයෙක් වුණ කරුණාපාලත් කරන්නේ මේ නමස්කාරය. අංගම්පොර ගැන මොකුත්ම නොදන්න රන්ජිත් අතලේත් කරන්නේ මේ නමස්කාරය. ඔබ අංගම්පොර හා කරාටි වල ‍ඓතිහාසික සම්බන්ධතාවය පිළිඹිබු කරන ඔප්පු කළ හැකි එක පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍යාත්මක සාධකයක් ඉදිරිපත් කරන්න කියා මා අභියෝග කරනවා.

    ReplyDelete
  7. එතකොට නියම අංගම් ආචාරය මොකක්ද

    ReplyDelete
  8. නියම ආචාරය තමයි අත් දෙක එකතු කරලා වඳින එක. නමුත් එය සිදු කරන ඉරියව් තිබෙනවා. එය පිටපත් කරන නිසා මෙහිදී පැහැදිලි කරන්න බැහැ. කොහොම වුණත් සිංහල සංස්කෘතිය හා බද්ධ වූ දෙයක් නිසා අංගම්පොරවල තිබෙන මෙවැනි අංග සිංහලයන්ට නුහුරු දේවල් නොවේ. ගුරුවරයාට, මල්ලවයාට, සටනට යන විට, පනික්කයන්ට ආචාර කිරීම වැනි අවස්ථාවල එය සිදුකරන ආකාරය වෙනස් වෙනවා. නමුත් කොහොම වුණත් ‍අත් දෙක අවසන් වන්නේ එකතු කොට වැඳිමෙන්.

    ReplyDelete
  9. නමස්කාරය වැනි ආචාර ක්‍රම කීයක් මෙම සටන් ශාස්ත්‍රය තුල පවතිනවාද?

    ReplyDelete
    Replies
    1. අවස්ථාව, තමන්ගේ ශාස්ත්‍රීය තත්ත්වය හා තමන් ආචාර කරන්නාගේ ශාස්ත්‍රීය තත්ත්වය වැනි දේ සලකා ආචාර ක්‍රම රාශියක් තිබෙනවා. ප්‍රමාණය කීම සිදුසු නැහැ.

      Delete
  10. ග්‍රේෂන් අන්ගම් ශිල්පියෙකු නොවන බවට ඔප්පු කළ හැකිනම් එයට සාක්ෂි තිබිය යුතුය. ඒවා මොනවාද?

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගයේ අනෙකුත් පිටු කියවන්න.

      Delete
  11. හතර ඉලන්ගම යනු කුමක්ද? එයත් ග්‍රේෂන්ගේ චීනඩි විෂය නිර්දේශයට අයිති කරුණක්ද?

    ReplyDelete
    Replies
    1. හතර ඉලංගම යනු රාජ්‍ය මාලිගයේ තිබූ නැටුම් ඉලංගම, වාහල ඉලංගම වැනි සටන් හා වෙනත් ශාස්ත්‍ර පුහුණු කළ අංශයි. චීනඩි වලට ඉලංගම තිබෙන්න විදිහක් නැහැනේ. චීනඩි බිහිවනවිටත් ලංකාවේ රාජ්‍ය ක්‍රමය බිඳවැටී හමාරයි.

      Delete
  12. ග්‍රේෂන් ප්‍රනාන්දු යනු අන්‍යාගමිකයෙක් නොවේද?

    ReplyDelete
    Replies
    1. සොලමන් රිච්වේ ඩයස් බණ්ඩාරනායකලා, පර්සි මහේන්ද්‍ර රාජපක්ෂලා වාසියට බෞද්ධ වූ යුගයක ග්‍රේෂන් ප්‍රනාන්දුලාටත් එය එසේමය.

      Delete
  13. මොහුගේ ගෝලයෙක් ගුරුලාඬිය නැමැති යමක් දන්නා බව අන්තර්ජාලයේ තිබුණා.ඒ ගැනත් යමක් දැනගන්න ලැබුණොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගුරුලාඩිය යනු සටන් ක්‍රමයක් නොවේ. එය අංගම් ශාස්ත්‍රය තුළ ඇති සටන් ඉරියව්වක් පමණි. ගුරුවරයා චීනඩි උගන්වා ගෝලයා ගුරුලාඩිය දන්නා බව කීම හාස්‍ය ජනකය. එක් අතකින් මෙය පුදුම විය යුතු දෙයක්ද නොවේ. මන්ද ග්‍රේෂන්ගේ ගරුවරයා වන ඔහුගේ පියා චීනඩි ඉගැන්වූ පසු ග්‍රේෂන් අද උගන්වන්නේ අංගම්පොරය. මේවට කියන්නේ මහඋන් හිටගෙන මූත්‍රා කරන විට පොඩිඋන් දුවමින් මූත්‍රා කරනවා කියාය.

      Delete
  14. මොහුගේ ගෝලයන් පිරිසක් විසින් පොල් ගසකට හිසෙන් ගසමින් හිස ශක්තිමත් කරනවා එක වීඩියෝවක තිබුණා.තවද එම වීඩියෝවේදී මොහු කියාසිටියේ 'අ~ගම්පොර නිල ඇඳුමෙහි ජටාවක් භාවිතා නොවන බවය.කාගෙන් හෝ පිටපත්කොට ගත් ඇඳුම් ආයිත්තම් කිහිපයක් හරි අපූරුවට සකසමින් එය නිවැරදි අ~ගම් නිල ඇඳුම බව ලොවට පෙන්වීමට මොහු උත්සහ දරනවා.සටන් විලාසය අනුව නම් මොහු වැනි වයසක කෙනෙකුට(මහදැනමුත්තෙකුට ) බඩපිනුමක්වත් ගැසිය හැකිද යන ගැටලුව අප සිතෙහි මතුවෙනවා.

    ReplyDelete
  15. ගේෂන් අංගම් ශිල්පියෙක් නොවුනද ඔහු තම ගෝලයින්ට නිල ගැන ඉගැන්වීමට නිල ශාස්ත්‍රය කිසියම් ප්‍රමාණයකට හෝ හදාරා තිබිය යුතුය.ඔබ කියනා පරිදි ඔහු දන්නේ කලරි නම් ගෝලයෙකුට නිල උගන්වන්නේ කෙසේද යන්න ගැටලුවකි.ඉන්දියානු සටන් ක්‍රමයක් වන කලරිවල නිල ශාස්ත්‍රයක් තිබිය නොහැක,මන්ද මා දන්නා පරිදි දියුණු නිල ශාස්ත්‍රයක් පවතින එකම සටන් ක්‍රමය හෙළ අංගම්පොර වන බැවිනි.

    මෙනුර භාතිය

    ReplyDelete
    Replies
    1. නිල ශාස්ත්‍රය යනු අංගම්පොරවල ප්‍රභල බව තර්ක කළ යුත්තක් නොවේ. නමුත් මොහු විසින් ඔහුගේ පියාගෙන් හැදෑරූ චීනඩි සටන් ක්‍රමයේද දුර්වල නමුත් නිල සම්බන්ධ ඉගැන්වීම් යම් සුලු ප්‍රමාණයක් අඩංගු වේ. එම නිසාවෙන් නිල ගැන ඉගැන්වීම සිදු කළ හැකිය. කලරිවල පවා (චීනඩි යනු කලරිවල ආභාෂයෙන් බිහිවූ මිශ්‍ර සටන් ක්‍රමයකි) නිල ශාස්ත්‍රයක් පවතී. එය ඔබට කලරි වීඩියෝ බැලීමෙන් අවබෝධ කර ගත හැකිය. එම නිසාවෙන්ම යමෙක් නිල ඉගැන්වූ පමණින් එය අංගම්පොර යයි තීරණය කිරීම ප්‍රඥා ගෝචර නොවේ.

      Delete
  16. එතකොට කලරිවල තියන නිල ශාස්ත්‍රයයි අංගම්පොරවල තියන නිල ශාස්ත්‍රයයි සමානද?

    ReplyDelete
    Replies
    1. පිළිතුර නැත යන්නයි. බැලූ බැල්මට සමාන වුවද හරයෙන් හා ක්‍රමවේදයන්ගෙන් අසමානය.

      Delete

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)
(ඉංග්‍රීසියෙන්/සිංග්‍රීසියෙන් ලැබෙන කොමෙන්ටු ප්‍රසිද්ධ නොකෙරේ)