Sunday, April 10, 2011

අංගංපොර සටන් කලාව සංරක්ෂණයට හා ප්‍රවර්ධනයට වැඩ පිළිවෙලක් අවශ්‍යයි..???

තමාව පාරිශුද්ධ අංගං ශිල්පියෙකු ලෙස හදුන්වි දෙමින් අංගංපොර සටන් කලාව සංරක්ෂණයට හා ප්‍රවර්ධනයට වැඩ පිළිවෙලක් අවශ්‍යයි යනුවෙන් පුවත්පත් හා විද්යුත් මාධ්‍ය හරහා ලිපියක් ලියූ ග්‍රේෂන් මාස්ටර් නැමැත්තා 2001 අපේල් 1 ඉරිදා දින ලංකබිම පුවත්පතට ප්‍රකාශ කර සිටියේ "පියා දක්ෂ අංගං පොර කරැවෙකි. ඔහු නමින් රත්මලානේ ලියොන් ප්‍රනාන්දු ය. ලියොන් මාස්ටර්ට මේ කලාව පුරුදු පුහුණු කොට ඇත්තේ ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ ලොරිස් සිල්වා ගුරුතුමා ය. ලොරිස්ගේ ගුරුවරයා ඉන්දියාවෙන් මෙහි පැමිණි කුමාරස්වාමි නමින් හදුන්වන පූජකවරයෙකි."‍ ලෙසට ය. එපමණකුදු නොවේ, 2003 නොවැ. 30 ඉරිදා දිවයින පුවත්පට ද ඔහු එම ප්‍රකාශයම කර ඇත.

අංගංපොර සටන් ශිල්පියාගේ කාර්යාල බිත්තියෝ චීනඩි නමස්කාරය සහිත පිංතූරයක්...???

මේවාට කියන්නේ කට බොරු කීවත් දිව බොරු නොකියනවා කියා ය. මහදැන මුත්තෙකු සේ තමාගේ වයස භාවිතා කරමින් අංගංපොර ශිල්පයේ ප්‍රවීණයෙකු ලෙස කටමැත දොඩන මොහුගේ හිසට උඩින් ඇති මුහුණ නොපෙනෙක පිංතූරයේ ඉන්න කෙනා (ග්‍රේෂන් හෝ ඔහුගේ පියා විය යුතුය) සිදු කරන නමස්කාරය චීනඩි ශාස්ත්‍රයේ නමස්කාරයයි. එක් අතක් හරස් අතට දිගු කොට මිටි පහරකින් එම අතට ගසන්නාක් වැනි ලාංජනය චීනඩි වුවද නොවුවද එය අංගම්පොර නම් නොවේ.

මෙසේ කථා කරන ග්‍රේෂන්ගේ පියාගේ චීනඩි පෝස්ටර මෙතනින් බලන්න.

මෙයින් සත්‍ය හෙලි‍ වේ. මේ ප්‍රකාශ වලින් ඔහුගේ සටන් කලාව කුමක්දැයි සාමාන්‍ය දැනුමැත්තෙකුට පවා පහසුවෙන් වැටහේ. ඉන්දියාවෙන් පැමිණ පූජකයෙකුගෙන් උගත් ශිල්පය අංගං ශිල්පය වීමට කිසිසේත් ඉඩ නැති ය. හේතුව අගං ශිල්පය සුදලිය, කොරතොට හා මරුවල්ලිය වැනි පරපුරු අතර අවුරුදු දහස් ගණනක් සුරුකිව පැවති අප ‍රටේම බිහිවූ විශිෂ්ඨ ශිල්පයක් නිසා ය. ඉන්දියාවේ පූජකයන් දන්නේ ඉන්දීය කලරි පයාට්ටු වැනි සටන් ක්‍රමයන් ය. අප ඒවා මලයාලම් සටන් ලෙස හදුන්වමු. ඉහත ග්‍රේෂන් නැමැත්තා පුහුණු කොට ඇත්තේ ද එසේනම් මලයාලම් සටන් ය. ඒවා සමස්ථය පසු කාලීනව චීනඩි නමින් හැඳින්වී ය.

එමෙන්ම ඔහුගේ සටන් කලාවට මේ ලක්බිමේ ඇති ඉතිහාසය බොහෝ කුඩා එකකි. ඔය පූජකයා ලංකාවට පැමිනෙන්නට ඇත්තේ දළ වශයෙන් නවසිය ගණන්වල මුල් භාගයේ විය යුත් ය. අංගං ශිල්පයට ඇත්තේ අවුරුදු 80ක, 90ක ඉතිහාසයක් නොවන බවද විජාතික ශිල්ප දේශීය අංගං හරඹ ලෙසට හදුන්වා නොදෙන ලෙසට ද අප එතුමාට මතක් කර සිටින්නට කැමැත්තෙමු.

ගේෂන් මාස්ටර් තමා සටන් නළුවෙකු බවට ප්‍රකාශ කිරීම.

චිත්‍රපටවල සටන් දරශන ඉදිරිපත් කිරීම හෝ මාධ්‍ය මගින් වැඩසටහන් වලට සහභාගී වීම නිවැරදි ශිල්පියෙකු හදුනාගන්නා නිර්නායක නොවේ.